මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.
එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම ජාතික ඉළක්කයක් බවය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

