SL Media Hub

SL Media Hub - Header

මුහුදේ පාවෙමින් තිබි මළසිරුරක් සොයාගැනේ

උණවටුන ප්‍රදේශයේ ගොඩබිමේ සිට කිලෝමීටර තුනක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවික හමුදාව සහ වරාය පොලීසිය එක්ව ගොඩබිමට රැගෙනවිත් තිබේ.

ධීවරයන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළසිරුර සොයා ගෙන ඇත.

අදාළ පුද්ගලයා සතුව තිබී ගාල්ල මහාධිකරණයේ සේවය කරන බවට වූ හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර එහි පදිංචිය වඳුරඹ ලෙස සඳහන් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (11) පැවැත්වීමට නියමිතය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top