ගැටලු සහගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට, එයට පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගන්නා ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක් සඳහන් වී තිබීම සම්බන්ධයෙන් CID පරීක්ෂණ සිදුකරමින් සිටින අතර, විමර්ශන ප්‍රගතිය අද අධිකරණයට දැනුම්දී තිබුණි.
එහිදී විමර්ශන මන්දගාමීව සිදුකරන බවට නීතිඥවරු චෝදනා කළ අතර, ප්‍රශ්නගත මොඩියුල දෙකම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීමටද අධිකරණය නියෝග කළාය.
මෙය නොසැලකිල්ලක්ද හෝ චේතාන්විත ක්‍රියාවක්ද යන්න සොයා විමර්ශන වේගවත් කරන ලෙසත්, පෙබරවාරි 20 වනදා ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය CIDට උපදෙස් ලබා දුන්නාය.
SOURCE : sinhala.adaderana.lk

