SL Media Hub

SL Media Hub - Header

යොවේරි මුසෙවෙනි උගන්ඩාවේ ජනපති ධුරයට

උගන්ඩාවේ පැවැති ජනාධිපතිවරණයෙන් හත්වැනි වරටත් ජයග්‍රහණය කරගැනීමට 81 හැවිදිරි වියෙහි පසුවන Yoweri Museveni සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 40කට ආසන්න කාලයක් උගන්ඩාවේ පාලනය හොබවන ඔහු, මෙවර මැතිවරණයේදී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

මෙම මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා වූ Bobi Wine (කියාගුලනි සෙන්ටමු) ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 24ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නැෂනල් යුනිටි ප්ලැට්ෆෝම් පක්ෂයේ නායක බොබී වයින් පවසන්නේ, හමුදා සහ පොලිස් නිලධාරීන් තම නිවස වටලා තිබූ නමුත් එතැනින් බේරීමට තමන්ට හැකි වූ බවය.

එමෙන්ම, ඔහු මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල ව්‍යාජ බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ප්‍රතිඵල නොසලකා හරින ලෙස තම ආධාරකරුවන්ගෙන්ද ඉල්ලීමක් කර ඇත.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top