රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් ඇති වී තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති නමුත් අවට ජීවත් වන පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවය.

