චීනයේ කැපිටල් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් අද (31) පස්වරුවේ බෙයිජිං – ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර, ඒ සමඟ දෙරට අතර නව ගුවන් සේවාවක් ආරම්භ විය.
මෙම මංගල ගුවන් ගමන සඳහා Airbus A330 වර්ගයේ යානයක් යොදාගෙන ඇති අතර, කටුනායකට පැමිණීමේදී ජල ආචාරයකින් පිළිගැනීම සිදුකර තිබේ.
JD-487 අංකය යටතේ පැමිණි මෙම යානයෙන් ගුවන් මගීන් 170 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනෙකු පැමිණ තිබුණි.
ඉදිරියට මෙම ගුවන් සේවාව සතියේ අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන අතර, බෙයිජිං සිට කටුනායකට පැමිණ පැය 8ක ගුවන් කාලයකින් යළිත් චීනය බලා පිටත්ව යාමට නියමිතය.
SOURCE : sinhala.adaderana.lk

