විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, අද (8) රාත්‍රියේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ඉලක්කය හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණි.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පන්දුවාර 4 තුළ ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙළුවේය.
එයට අමතරව වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ලබාගත්තහ.
මෙම ජයග්‍රහණයත් සමඟ විස්සයි20 තරග ඉතිහාසයේ අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන අපරාජිතත්වය තවදුරටත් රැකගැනීමට හැකි විය.
දෙරට අතර අද පැවැති මෙම තරගය, ඔවුන් අතර පැවැති සිව්වැනි විස්සයි20 තරගය වන අතර, එම සියලු තරග ශ්‍රී ලංකාව විසින් ජයගෙන තිබීමද විශේෂත්වයකි.
SOURCE : SINHALA.ADADERANA.LK

