මෙම වසර ආරම්භයේ සිට (19) දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.
(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
තවද මෙම අනතුරුවලින් පුද්ගලයින් 216 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, සුළු අනතුරු 490ක් සහ දේපළ හානි 159ක්ද වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රිය අනතුරු හේතුවෙන් වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ පදිකයින් අතර වන අතර, එම සංඛ්‍යාව 33ක් ලෙස වාර්තා වී ඇත.
ඊට අමතරව, යතුරුපැදි අනතුරු 45ක් හේතුවෙන් පුද්ගලයින් මියගොස් ඇති අතර, පසුපැදිකරුවන් 7 දෙනෙකු ද එම අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
SOURCE: sinhala.adaderana.lk

