SL Media Hub

SL Media Hub - Header

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර ඇත.

ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

තමන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳ අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කළ ද, ඒ සඳහා සාධාරණ ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට සිදු වූ බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top