වෙනිසියුලාව සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා ගත් ක්‍රියාමාර්ග අතරතුර ජාත්‍යන්තර නීතියේ නීතිවලට ගරු නොකිරීම ගැන තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මහ ලේකම්වරයා නිල ප්‍රකාශයකින් ඒ බව අවධාරණය කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මූලික පදනම වන්නේ ජාත්‍යන්තර නීතිය බවය.
වෙනිසියුලා නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති විය හැකි අතුරු ප්‍රතිවිපාක පිළිබඳවද ගුටේරස් මහ ලේකම්වරයා දැඩි අවධානය යොමු කර ඇත.
මෙම සිදුවීම් හේතුවෙන් රට තුළ අස්ථාවරත්වය තවත් උත්සන්න වීම, එය කලාපයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව තමා දැඩි කනස්සල්ලෙන් පසු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

