රජයේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය (24) දිනයේත් ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවයි.
පැය 48ක කාලසීමාව අවසන් වූ පසු වර්ජනය තවදුරටත් දිගු කරන ද යන්න පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
2026 අයවැයෙන් සෞඛ්‍ය සේවාවට හා වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා ප්‍රමාණවත් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය නොවැම්බර් 28 දින ලබාදුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොවී ඇති බවද සංගමය පවසයි.
ඒ අනුව, අද පෙරවරු 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අතර, ළමා, මාතෘ, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වර්ජනයෙන් ව්‍යතිරේක කර ඇති බවද දැනුම් දී ඇත.
SOURCE : sinhala.adaderana.lk

