මෙම ලිපි පෙළේ පළමු ලිපිය ( හැදින්වීම ) SL_Media.Hub හි ප්‍රධාන මෙනූ එක යටතේ Realistic Stories හි පල වී ඇත. ]
1 වන පරිච්ඡේදය
ලෝකයේ ආගම් හා දර්ශන පිළිබදව මූලික විස්තර කිරීමක්
ලෝකයේ මානව වර්ගයා ගේ පැතිරීම සිදුවීමත් සමග ගොඩනැගෙන්නට වූ මානව ශිෂ්ඨාචාරවල පදනම වූයේ ජීවිතය පවත්වාගැනීම සදහා ප්‍රජා පාලනය, ආහාර හා අවශ්‍ය දේ සැපයෙන පද්ධති, දැනුම රැස් කිරීම, දියුණු වීමේ ක්‍රියාවලිය, රස වින්දනය යන අංශ දියුණු කර ගැනීමයි.
මේවා සදහා වෙහෙසුනු ජන සමාජයට ඒ සදහා මග පෙන්වීම සිදු වූයේ යම් අයුරකින් සාමාන්‍ය ජන සමාජයෙන් වෙන්ව භෞතික පැත්ත ඉක්මවා අධ්‍යාත්මික පැත්ත ගවේෂණය කළ සාමාන්‍ය ජනයාගේ හැකියා සීමාව ඉක්මවා ඊට ඉහළ උසස් ස්වභාවයට පත් උතුමන් වෙතිනි.
ශාස්තෲන් වහන්සේලා සහ උන්වහන්සේලා ගේ ආගමික දර්ශන ලෙස අපට ලෝකයේ ඉතිරි වී ඇත්තේ මේ ක්‍රියාවලි වල මූලාරම්භක අවස්ථායි.
ඒ ඒ ආගමික දර්ශන ඔස්සේ මෙලොව ජීවිතය සම්බන්ධයෙන් වූ කරුණු වටහා ගැනීමට ප්රයත්න දරන අතර යහපත් ජීවිතයක් ගත කිරීම සදහා වූ මාර්ගෝපදේශනය ලබා දීමත් සිදු කෙරේ.
අපට ලෝකයේ මුලික හා ප්‍රධාන වශයෙන් දැක ගත හැකි ආගමික දර්ශන නම්,
ආසියාවේ පෙරදිග ඉන්දියානු උප මහාද්වීපයේ ප්රභවය වූ,
(1) හින්දු ආගමික දර්ශනය හා සමගාමී අනෙකුත් දර්ශන හා
(2) බෞද්ධ දර්ශනය
ආසියාවේ මධ්‍යම, නැගෙනහිර හා අග්නිදිග ප්රභවය වූ
(3) තාවෝ, ෂින්ටෝ, කොන්ෆියුසියස් ඉගැන්වීම්
ආසියාවේ මැද පෙරදිග හා මධ්‍යධරණි ප්‍රදේශ ආශ්‍රිතව ප්රභවය වූ
(4) ජුදෙව් හා කිතුනු දහම
(5) ඉස්ලාම් දහම
අප්‍රිකාව සහ සෙසු මහාද්වීපික පෙදෙස් වල අතීතයේ සිට පැවති
(6) ප්රාග් ඇදහිලි හා විශ්වාස
මේවා ඇසුරේ ඒ ඒ භූමි කලාපවල රට රාජ්‍යයන් හි ජනයා ගේ ජාතිකත්වය හා භාෂාව, සමාජය හා සංස්කෘතිය ගොඩ නැගුනි.
ශ්‍රී ලංකාවේ අප හොදින්ම දන්නා කරුණක් නම් ලෝකයේ ආගමික දර්ශන අතරින් බෞද්ධ දර්ශනය පමණක් සසරින් සපුරා මිදීම වූ නිවන පිළිබදව ඉදිරිපත් කරන බවයි. ජෛන දහම ආදී හින්දු සමය හා සමගාමී ස්වල්පයක් තවත් දර්ශන සංසාර විමුක්තිය වශයෙන් යම් මෝක්ෂයක් දක්වා ඇතත් ප්‍රධාන වශයෙන් හින්දු දර්ශනය මෙන්ම අනෙකුත් ආගමික දර්ශන ඔස්සේද විමුක්තිය වශයෙන් වඩා උසස් භවයක උපතම දක්වයි.
මෝක්ෂය ට පත්වීම ( බඹ ලොවක උපත )
ස්වර්ගස්ථ වීම : දෙව් ලොව ඉලක්ක කර ගත් ( ජුදෙව්, කිතුනු, ඉස්ලාම් ) දහම් ඒ දක්වන ස්වර්ගයේ විශ්වයට අධිපති සව් බලැති දේවත්වයක් මුල් කොටම ඔවුන්ගේ භක්ති මාර්ගය ගොඩ නගයි.
යම් කිසි ගෝත්‍රික මට්ටමේ ඇදහිලි හා විශ්වාස ඇති ආගමික දර්ශන ඔස්සේත් යම් කිසි දිව්‍යමය බලයක පිහිට පතයි.
අප මෙහිදී මේ සියල්ල විමසා බලන්නේ අපගේ ආගමික දර්ශනය වූ බෞද්ධ දර්ශනය තුළින් අපට පෙනෙන යථාර්ථය ඔස්සේ බැවින්
සංසාරය සම්බන්ධයෙන් සත්‍යය වූ
සියලු සංස්කාර ධර්මයන් ගේ ත්රිලක්ෂණය වූ අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන්න තුළ සසරින් / භවයෙන් මිදීම වූ අසංකත නිර්වාණයම පරම සැපය, සත්‍යය මිස සසර තුළ, භවය තුළ ලබන කෙබදු හෝ උසස් තත්වයක් ඊට සම නොවේ.
ලිපි පෙළ ඉදිරිපත් කිරීම
සුරත් චාමර විදානපතිරණ

