බුදු දහමේ ඉදිරිපත් කෙරෙන තිස් එක් තලය හා ඒ තුළින් පැහැදිලි වන ලෝක ප්‍රජාව අදහන විවිධ දේවත්වයන් හි පැනවීම්
අප ගේ අරමුණ අප රටට ආවේණික ශාන්ති කර්ම පිළිබදව පැහැදිලි කිරීමක් කර ගැනීමයි.
ඒ සදහා පදනම සකස් කර ගැනීමට අපි පළමු පරිච්ඡේදයේ මුලින්ම කළේ ලෝකයේ ඇති වූ ඇදහිලි හා විශ්වාසයන් පිළිබදව ආගමික දාර්ශනික පැත්තෙන් බැලීමයි.
එහිදී අප බෞද්ධයන් හැටියට සාමාන්‍ය වශයෙන් දන්නා පරිදි හටගත් සියලු දේ ඉතුරු නැතිවම අභාවයට යන නොනවතින ස්වභාවයේ පැවතීමක ( සංසාරයක ) මේ පැවතීමේ අවසානයක් නොදැක එහිම කොටසක්ව සිටිනා ( සත්වයන් ) ස්ව භාවයන් ඇති කර ගන්නා දෘෂ්ටි වශයෙන් ඒ ඒ ආගමික දර්ශන ගොඩ නගාගෙන ඇති බවත්, හැම විටම භවය තුළම ඉහළ පැවැත්මක් සකස් කර ගැනීම් වශයෙන් ඒ දෘෂ්ටිගත දර්ශන සසරින් නිදහස් විම දක්වා ඇති බවත් අප දුටුවෙමු.
බුදු දහම නිවැරදි දැක්මේ ( සම්මා දිට්ඨිය ) සිට, සසරේ මේ සරන බව නොහොත් භාෂා සම්මුතිය අනුව සත්වයන්, ස්ථිර නොමැති බව ( අනිත්‍යය ), දුකට මුහුණ දෙන බව ( දුක්ඛ ), පැනවිය හැකි පුද්ගලත්වයක් නොමැති බව ( අනාත්ම ) යන ත්රිලක්ෂණයටම යටත් බැවින් උසස් භවයක් වෙනුවට හැම විටම සංසාර විමුක්තිය වූ සසරින් සපුරා මිදීම වූ නිවන කරාම යොමු කරයි.
ඒ නිවන පැහැදිලි කර ගැනීමට හා ඒ පැහැදිලි කර ගැනීම ඔස්සේම මේ සත්ව වාස භූමි ( තිස් එක් තල ) විග්රහ කර ගැනීමට අපි උත්සාහ කරමු.
රූපය : ChatGPT වෙතින් ලබාගත් ථේරවාද බුදු දහමේ විස්තර වන සක්වළක සත්ව තල 31 සදහා වූ සංකේතාත්මක රූප සටහනක්

