SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 3 වන පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

අප කලින් පරිච්ඡේදයෙන් විග්‍රහ කරගත් ආකාරයට ආරම්භයක් හෝ අවසානයක් නොදැක හේතූන් ගේ හටගැනීම නිසා හටගෙන ඒ හේතූන් ගේ අභාවයට යාම නිසා අභාවයට යන ධර්මතාවල අඛණ්ඩ පැවැත්ම හෙවත් සසර තුළ ඒ අයුරින්ම පවත්නා විදීම් සමුදායන් ට සම්මුති වශයෙන් සත්වයන් ලෙස සලකාගෙන හටගත් ධර්මතා සන්තති තිරව පවත්නා, සැප සහගත, වසගයෙහි පවත්නා දේ යැයි අවිද්‍යාවෙන් ගෙන යන පැවැත්මක සමස්ථ විශ්වයම පවතී.

මේ විශ්වයේ / ලෝකයේ මේ රැවටීම දුරු කර ගනිමින් එහි ඇත්ත දැක ඒ ඇලීම් ගැටීම් සහ එය සැබෑවක් ලෙස ගැනීමෙන් දුරු වී සසරින් මිදී යාමේ මග ඇත්තේ සියලු ආගමික දර්ශන අතරින් බුදු දහමේම පමණි.

ඒ සත්‍යය / නිවන අවබෝධ කළ උතුමන් හැර සාමාන්‍ය ලෝකයාට මේ විශ්වය ඔවුන්ගේ මට්ටමින් ඇසුරු කෙරෙන පවත්නා යථාර්ථයකි.

ඒ තුළ භව වශයෙන් ගත් විට ලෝක සැකැස්ම බෞද්ධ සංදර්භය තුළ පැනවෙන්නේ

සක්වල
පෘථිවිය
මහා මේරුව

සතර අපාය
නේරයික
තිරස්චීන
ප්‍රේත
අසුර ( අසුර භවන )

නර / මනුෂ්‍ය ( සිව් මහා දිවයින් හා උතුරු කුරු දිවයින )

සුර හෙවත් දේව / සදෙව් ලෝක
සිව් මහ රජයන්
තාවතිංස
යාම
තුසිත
නිම්මාන රතිය
පරනිම්මිත වසවර්තිය

රූපාවචර බ්‍රහ්ම තල 16
අසංඥසත්වය ඇතුලුව 17

අරූපාවචර බ්‍රහ්ම තල 4

එකතුව තල 31

අපි මේ කොටස් ඊළගට විස්තර කර ගමු

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top