SL Media Hub

SL Media Hub - Header

ශාන්ත අත් සිටවු සිර දඬුවම් ලැබු අයෙක්- චාමර සම්පත් කියයි.

රත්නපුර පොලිස් නිලධාරියෙක් සමග වූ සිද්ධියට සම්බන්ධ ජාතික ජන බලවේගයේ මන්ත්‍රි ශාන්ත පද්මකුමාර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර පහක අත්හිට වූ සිරදඬුවම් නියම වූ අයෙකු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා.

ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ (06) මේ බව අනාවරණය කළා.

ඊට අදාළ නඩු තීන්දුව සභාගත කිරීමට කටයුතු කළ චාමර මහතා, මාස තුනකට සිර දඬුවම්දී එය වසර පහකට අත්හිටුවා ඇති බව අවධාරණය කර සිටියා.

චාමර සම්පත් දසනායක මහතා,

අපිට කිව්වේ වල්පැළ මෙන්න මල් පැළ ශාන්ත පද්ම කුමාර මන්ත්‍රිතුමා එයාට විරුද්ධව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ අත්හිට වූ සිර දඬුවමක් තියෙනවා. මම මේක සභාගත කරනවා. මාස තුනකට සිරදඬුවම් දීල ඒක අත්හිටුවලා තියෙනවා අවුරුදු පහකට. ඔය පොලිසි නිලධාරියා එක්ක ප්‍රශ්නය ඇති කර ගත්ත මන්ත්‍රිතුමා අත්හිට වූ සිර දඬුවමක්. ඇඹිලිපිටිය නගරාධිපතිතුමාත් මෙතැන ඉන්නවා. මෙන්න මහේස්ත්‍රාත් උසාවියේ නඩු වාර්තාව. ගල්ගමුවේ පට්ට දවල් බොරළු කපනවා පොලිස්පතිතුමා ලැජ්ජ වෙන්න ඕන. පොලිසිය අහක බලාගෙන ඉන්නවා.

උපුටා ගැනීම. news19.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top