SL Media Hub

SL Media Hub - Header

සංගීත ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් නාමයක් පළමුවෙන් මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවකට අයත් බව සොයා ගැනීම ගැන ඔබට සිතෙන්නේ කොහොමද?

ස්වීඩනයේ, “ඇබා” (Abba) යන නම 1838 සිට පැවත එන අතර, හුරුල්ලන්, නැංගුරම් සහ එදිනෙදා භාවිතා වෙන, කල් පවතින ටින් කල ආහාර සඳහා ප්‍රසිද්ධ මුහුදු ආහාර සමාගමක් හා බැඳී ඇත.

සියවසකට වැඩි කාලයක් “ඇබා” යන්නෙහි තේරුම ආහාර මිස කීර්තිය නොවීය.

ඉන්පසුව, 1970 දශකයේ මුල් භාගයේදී, තරුණ සංගීතඥයන් හතර දෙනෙක් වූ ඇග්නෙතා ෆෝල්ට්ස්කොග්, බ්ජෝර්න් උල්වායස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනි-ෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් (Agnetha Fältskog, Björn Ulvaeus, Benny Andersson, and Anni-Frid Lyngstad) ඔවුන්ගේ මුල් නම්වල මුලකුරු භාවිතා කරමින් පොප් කණ්ඩායමක් පිහිටුවා ගත්හ.

ප්‍රතිඵලය “ABBA” ලෙස අක්ෂර වින්‍යාසය විය. ආකර්ශනීය, සරල සහ අමතක නොවන නාමයක්.

නමුත් ගැටලුවක් තිබුණි. ඒ නම ඒ වනවිට වෙනත් කෙනෙකුට අයත් වී තිබුණි.

නම වෙනස් කිරීම වෙනුවට, කණ්ඩායම අනපේක්ෂිත දෙයක් කළේය. ඔවුන් නම භාවිතා කිරීමට කර්මාන්ත ශාලාවෙන් අවසර ඉල්ලා සිටියහ.

ප්‍රතිචාරය සන්සුන්, ප්‍රායෝගික සහ ගැඹුරු එකක් විය. සමාගම එකඟ වූයේ එක් කොන්දේසියක් සමඟයි: “ඔබ කරන දේ ගැන අපට ලැජ්ජාවක් දැනෙන්නේ නැති නම් ප්‍රශ්ණයක් නෑ.” යන්නයි.

ඒ තනි වාක්‍යය සියල්ල වෙනස් කළේය.

එය කොන්ත්‍රාත්තු ගැන හෝ ලාභය ගැන නොවීය. එය විශ්වාසය ගැන පමණක් විය.

අවුරුදු 130ක් පැරණි සමාගමක්, නොදන්නා සංගීත ශිල්පීන් හතර දෙනෙකුට ඔවුන්ගේ නම ජාත්‍යන්තර වේදිකාවට ගෙන යාමට ඉඩ දුන්නේ, ඔවුන් ලෝකයම පිළිගන්නා සංකේතයක් (Cultural Icon) බවට පත්වන බව කිසිවෙකු දැන ගැනීමට බොහෝ කලකට පෙරය.

ඉන්පසු සිදු වූයේ “ඇබා” නම පරම්පරා ගණනාවක් පුරා බෙදාගත් සතුට, තනු නිර්මාණය සහ මිනිසුන්ගේ මතකයේ සංකේතයක් බවට පරිවර්තනය වීමයි.

සමහර විට, වඩාත්ම කල් පවතින උරුමයන් ආරම්භ වන්නේ නිහතමානීකම, අවසරය සහ අත්හැරීමට ඇති ධෛර්යයෙනි.

-අනිෂ්කා-

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top