SL Media Hub

SL Media Hub - Header

” සත්‍යයේ සුගන්ධය “- ( 1 පරිච්ඡේදය) සුරත් චාමර විදානපතිරණ

මගේ සත්‍යය සෙවීමේ යථාර්ථවාදී ගවේෂණය තුන් අයුරකින් විහිදුවා,

  • විද්‍යාත්මක ගවේෂණය
  • ශාස්ත්‍රීය ගවේෂණය
  • දාර්ශනික ගවේෂණය

ලෙස කොටස් තුනකින් ඉදිරිපත් කරමි.

විද්‍යාත්මක ගවේෂණය –

1 පරිච්ඡේදය / විශ්වය පිළිබඳව දළ අදහස

ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අවධියේ ආරම්භක විද්‍යාව නම් සරල විෂයකින් ආරම්භ කොට සාමාන්‍යය පෙළ දී විද්‍යාව නමින් විෂය හදාරා උසස් පෙළ දී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව ( සත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව ) ලෙස ඒ විෂය අනු කොටස් වලට කඩා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඊට සමාන්තරව බාහිර අධ්‍යයනයන් වෙතින් ලබා ගත් දැනුම ද ( පුස්තකාල හා විද්‍යාත්මක සගරා සහ පසුව අන්තර්ජාලයෙන් ), උසස් පෙළින් පසුව අනාගත සමාජයේ ජීවත් වීම සදහා විෂයන් රැසක දැනුම අවශ්‍ය වනු ඇති යැයි ඒ හරහාම ලැබුණු මග පෙන්වීම අනුව තව දුරටත් නොයෙකුත් විද්‍යාත්මක විෂයන් පිළිබඳව දැනුවත් වෙමින් නොයෙක් විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි වෘත්තිය අද්දැකීම් හා නිපුනතා ලැබී ගත කළ පසුගිය කාලය තුළ මා ලැබූ විද්‍යාත්මක දැනුම බොහෝය.

මේ පොතට අදාලව විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මක දැනුම් පද්ධති පිළිබඳව විෂය සාකච්ඡා කිරීමට ආරම්භය ලබා ගත යුත්තේ ලෝකයේ විද්‍යාත්මක යුගයේ ඉතිහාසය පිළිබඳව හැදෑරීම තුළිනි.

විද්‍යාත්මක දැනුමේ පරාසය සලකා බැලුව හොත් එය අනන්ත වූ විශ්වයේ සිට අප ගේ අල්ල මත ඇති ජල බින්දුවක අවසාන සූක්ෂ්ම තැනුම් ඒකකය දක්වා අති විශාල පරාසයක පැතිර පවතී.

මා දැන් ඉතා කෙටියෙන් ඒ පරාසය විස්තර කරමි. ඉන්පසුව ඉතිහාසය විස්තර කරමි.

විශ්වයේ අනන්ත බව විද්‍යාව විසින් පිළිගෙන අවසානය.

එහි අනන්ත ව්‍යාප්තියක මන්දාකිණි හෙවත් ගැලැක්සීන් නිරීක්ෂණය වේ. මේවා සෑදී ඇත්තේ මූලික වශයෙන් තාරකා සමූහයන් ගෙනි. තරු වළාකුළු ලෙස ගැලැක්සීන් හැදින්වීම වරදක් නැත.
තාරකා, තාරකා නිර්මාණය වන අමුද්‍රව්‍ය වළා හෙවත් නෙබියුලා, තාරකා විනාශ වී අවසන් වන ශේෂ යන කොටස් ප්‍රධාන වශයෙන් ගැලැක්සීන් හි ඇත.
පෘථිවියේ සිට දැන් ඇති විද්‍යාත්මක තාක්ෂණය අනුව විශ්වයේ නිරීක්ෂණය කොට ඇති උපරිම සීමාව සුපර් නෝවා තාරකා පිපිරුම් කලාපය දක්වායි. ඒ පෘථිවියට සාපේක්ෂකව ය.

තාරකා සැලකූ කල්හි ඒවා විශ්වයේ බහුලම අමුද්‍රව්‍යය වන හයිඩ්‍රජන් වායුව හීලියම් වායුව බවට ගොඩ නැංවෙන රසායන විද්‍යාත්මක වශයෙන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා දාමයක් අඛණ්ඩව සිදුවන අධික ස්කන්ධයකින් යුතු ගෝලීය කලාපයකි.
මේ නිදහස් වන අධික ශක්තිය අවසානයේදී අවසන් වෙමින් තාරකාවේ ප්‍රතික්‍රියා අවසන් වෙමින් එය විනාශ වී යයි.
විසිර ගිය ශේෂ ක්‍රමානුකූලව යළි ඝනීභවනය වෙමින් නව තාරකා සෑදෙයි.

මේ එකක ප්‍රථිඵල නිසා අනිකක් සෑදෙන ඒ අනික විනාශ වෙද්දී එහි ප්‍රථිඵල නිසා තවත් අනිකක් සෑදෙන විශ්වයේ සාමාන්‍යය හා සදාකාලික රටාවයි. මේ පොදුවේ මිනිස් බුද්ධියෙන් පරිකල්පන කළ හැකි විශ්වයේ විශාලම භෞතික සංසිද්ධිය යි.

මේ තාරකා සමහරක් අවට ඒවායේ ජීවිත කාලය තුළ ඇතැම්විට ග්‍රහලෝක නිර්මාණය වේ.
එසේ ග්‍රහලෝක සහිත වූ තාරකා සහිත පද්ධතියක් සෞරග්‍රහ මණ්ඩලයක් ලෙස හැදින්වේ.
සෞරග්‍රහ මණ්ඩලයක එහි තාරකාවේ සිට යෝග්‍ය දුරකින් හා යෝග්‍ය ගෝලීය ප්‍රමාණයෙන් පිහිටන්නා වූ ග්‍රහ ලොවක් ඇත්නම් එහි අනිකුත් සාධක ( සුදුසු වායුගෝලයක්, සාගර හා ගොඩබිම් ) ද සම්පූර්ණ නම් ජීවය නම් සංසිද්ධිය ඇති වීමට හේතු විය හැක.

ජීවය යනුත් අජීවී පදාර්ථයන් සේ විශ්වයේ එක් සාමාන්‍යය පොදු ක්‍රියාවලියකි.

යම් ග්‍රහලොවක ජීවය බිහි වූ විට ඒ ජෛව පදාර්ථ කාබෝහයිඩ්‍රේට රසායනයක් මත ගොඩනැගුනු සෛල නම් ප්‍රථම සූක්ෂම සජීවී ඒකක වලින් තැනුනු පටක නම් අවස්ථාවේ සිට සංවර්ධනය වෙමින් ශාක හා වෙනත් ආකාර සහ නොයෙක් සත්වයන් ලෙස කාලානුරූපීව විකාශනය වේ.

මෙසේ ජීවය සහිත ග්‍රහලොවක බුද්ධිමත් ජීවීන් බිහි වී ඔවුන් එහි ශිෂ්ටාචාරයන් ගොඩනැගීම දක්වා සංවර්ධනය විය හැක. එසේ වූ සුවිශේෂී ජීවීන් එම ග්‍රහලෝකයේ මානව වර්ගයා වේ.

මෙසේ සිදුවන ජීව අජීව ස්වරූපයන් ගේ අඛණ්ඩ කාලානුරූපීව වෙනස් වීම පරිණාමය ලෙස හැදින්වේ.

මේ විශ්වයේ අප සම්බන්ධයෙන් නම් අප ක්ෂීරපථය නම් මන්දාකිණියට අයත් වෙමු. ක්ෂීරපථයට අසන්න අනෙකුත් මන්දාකිණි දෙකක් නම් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය හා මැගලන් වලාව මන්දාකිණිය වේ.
අප ක්ෂීරපථයේ මධ්‍යයට ආසන්න වන්නට පිහිටි සූර්යයා නම් තාරකාව වටා සැකසුනු දැනට ග්‍රහලෝක නවයක් පමණ ඇතැයි පිළිගත් සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන ග්‍රහ ලොව වූ පෘථිවියේ මහා ද්වීප ගණනක ව්‍යාප්තව වෙසෙන ශිෂ්ටාචාරික මානව වර්ගයක් වූ මනුෂ්‍යයන් වෙමු.

එසේම අප මෙන්ම බුද්ධිමත් මානවීය සත්ව ජීවී ප්‍රජාවන් සහිත මට්ටමට සංවර්ධනය වූ ශිෂ්ටාචාරයන් සහිත සජීවී ග්‍රහලෝක අපේ ක්ෂීරපථය තුළ හෝ ඉන් බැහැර වෙනත් මන්දාකිණිවල හෝ සෞරග්‍රහ මණ්ඩල තුළ තිබීම විශ්වයේ පොදු කරුණකි.

මේ තුළ මේ සිදුවීම් මෙසේ සිදුවන බව තේරුම් කොට ගෙන ඇති නමුත් ඒවා සිදුවන ආකාරය සම්පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂය කොට තවමත් විද්‍යාව විසින් දැන ගෙන නොමැති අතර ඒ නිසා මේ සංසිද්ධි සම්බන්ධයෙන් ඇතැම්විට එකිනෙකට සමාන හෝ වෙනස් මතවාද ඉදිරිපත් කොට තිබේ.

මේ මත වාද අතුරින් ඒ ඒ වකවානු වලදී, තාක්ෂණික දියුණුව මත, විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති ආකාරය අනුව නිවැරදි දිසාවට යොමු වූ මත වාද සංවර්ධනය වෙමින්, වැරදි අතට ගිය මත වාද අභාවයට යනු ලැබේ.

ඒ අයුරින් විශ්වයේ සම්භවය පිළිබඳව සැලකීමේදී එයට ආරම්භයක් ඇතැයි පදනමින් ගොඩනගා තිබූ මහා පිපිරුම් වාදය ඇදවැටී විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් නොමැති යන පදනමින් ඉදිරිපත් වූ විශ්වයේ අනන්ත ව්‍යාප්ත වාදය ස්ථාවරව නැගී සිටියේය.

මන්දාකිණි, ඒවායේ තාරුකා, ඇතැම් තරු වටා දක්නට ලැබෙන සෞරග්‍රහ මණ්ඩල, ඒවායේ අන්තර්ගත ග්‍රහලෝක, ඒ ග්‍රහලෝක අභ්‍යන්තර ස්වභාවය යනාදී වශයෙන් පදාර්ථය හා ශක්තිය හැසිරෙන ආකාරය පිළිබඳව පහදා ගැනීමට මුල් වරට ගැලීලියෝ ගැලීලි විසින් ඉදිරිපත් කළ ගුරුත්වාකර්ෂණය පිළිබඳව සංකල්පය පසුව වඩාත් දියුණු ලෙස අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද අතර ඒ ඔස්සේ ගොඩ නැගී සංවර්ධනය වූ භෞතික විද්‍යාව නිව්ටෝනියානු භෞතික විද්‍යාව ලෙස පැවතුනි. ඒ සමග රසායන විද්‍යාව හා ජීව විද්‍යාව සහ තාක්ෂණය වර්ධනය විය. බොහෝ විෂයන් බිහි විනි.

නමුත් ග්‍රහලෝක මත නිව්ටන් ගේ භෞතික විද්‍යාව නිවැරදි වුවත් එය අජටාකාශයට එසේ නිවැරදි නොවන බව පෙනීම නිසා විද්‍යාවට ඇතිවූ ගැටළු විසදා ගනු ලැබුවේ ඉන් සෑහෙන කලකට පසු ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය තුළිනි.

ඉනුත් පසුව නිව්ටන් භෞතික විද්‍යාව හෝ සාපේක්ෂතාවාදය යන දෙකම පදාර්ථය තැනුනු කුඩාම ඒකක අතරට ගිය විට, එනම් මූලද්‍රව්‍යය පරමාණු, සංයෝග අණු හෝ අයන අතරදී නොගැලපෙන බව පෙනී යාමෙන් යළි ගැටලුවකට මැදි වූ විද්‍යාව අයින්ස්ටයින් ගේ ශිෂ්‍යයන් වූ අර්වින් ෂෲඩින්ගර්, නීල්ස් බෝර් යන අය විසින් ඉදිරිපත් කළ ක්වොන්ටම් වාදයෙන් යථා තත්වයට පත් විය.
අද මේ විශ්වයේ ඒ ඒ මට්ටම් අනුව ඒ ඒ විද්‍යාත්මක සිද්ධාන්ත යොදා ගනු ලැබේ.

රසායන විද්‍යාව සම්බන්ධයෙන් සැලකීමේදී විශ්වයේ පදාර්ථය හා ශක්තිය අන්තර් හුවමාරු වෙමින් ස්වරූප වෙනස් වීම මිස පදාර්ථයේ හෝ ශක්තියේ එකී අනන්ත ව්‍යාප්තික සමස්ථය ස්ථිරව පවතිනු මිස අලුතින් ඇති වීමක් හෝ තිබෙන්නක් නැති වී යාමක් නොවන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.

එසේම අප අද ජීවත් වන ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් 21 වන සියවසට පැමිණීමේදී පසුගිය 20 වන සියවස තුළ සෛන්ධාන්තිකව අර්ථ දැක්වූ බොහෝ විද්‍යාත්මක කරුණු ප්‍රායෝගිකව සනාථ වූ අතර ඉතා සාර්ථක ලෙස හා තර්කානුකූලව සහ දැන් ලැබෙන පර්යේෂණ දත්ත අනුව හෙළි වෙමින් තිබෙන ස්ටීවන් හෝකින්ස් ගේ සමාන්තර විශ්වය පිළිබඳ න්‍යාය හා කලු කුහර පිළිබඳ සිද්ධාන්තය නුදුරේ විද්‍යාව තවත් නිවැරදි කොට වඩා ඉහළ තලයකට රැගෙන එනු ඇත.

ජීව විද්‍යා ක්ෂේත්‍රයේ දී විශේෂයෙන් ජීවීන් ගේ පරිණාමය තුළ වෙසෙස් කොට දැක්වූ මිනිසා ගේ පරිණාමය පිළිබඳ චාල්ස් ඩාවින් වාදය අද එහි බොහෝ අඩුපාඩු නිසා ඇද වැටී ඇති අතර පෘථිවියේ මනුෂ්‍යයා නම් මානව වර්ගයා පෘථිවියට බැහැරින් සංක්‍රමණය වී එහි පරිසරයට හැඩ ගැසුනු අයය යන හයිබ්‍රිඩ් සිද්ධාන්තය විද්‍යා ලෝකයේ ඉදිරියට පැමිණ ඇත.
එය තහවුරු කෙරෙන සාධක පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන් ඔස්සේ හමු වීම තුළින් අද ඩාවින් වාදයට වඩා සාක්ෂි අතින් බලවත් තැනකට පැමිණ ඇත.

ඩාවින් වාදය ඇද වැටෙනු සමග එයින් සහය ලබා ගොඩ නැගූ අන්‍ය කල්පිතයන් ගේ පසු බැස්මද සිදුවේ. ඉන් එකකි මාක්ස් වාදය.

මෙසේ පාඨක ඔබට ඉතාමත් සාරාංශ කොට දැක්වූ වර්තමාන විද්‍යාත්මක දියුණුව තුළ විශ්වය පිළිබඳව ඇති කියවීම තුළින් විශ්වය පිළිබඳව දළ අදහසක්, අප ගේ ග්‍රහ ලොව පිළිබඳව හා මනුෂ්‍යයන් පිළිබඳව යම් මූලික අදහසක් ඔබට ලැබෙන්නට ඇතැයි මම සිතමි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top