සර්වඥ ධාතූන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි.
ඒ අනුව මෙම මස 05 වැනිදා උදෑසන 6 සිට 11 වැනිදා උදෑසන 7 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
වන්දනාකරුවන්ට පහසුවෙන් විහාරස්ථානයට පැමිණීම සඳහා පැරණි M.O.D. භූමියේ රථගාල, ලේක් හවුස් වටරවුම අසල රථගාල ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම විශේෂ බස් සේවාව ලබා දෙනු ඇත.
එසේම කොම්පඤ්ඤවීදිය සහ කොටුව දුම්රිය ස්ථානවලින් පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාල වෙත ළඟාවිය හැකි බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායී ගාස්තු යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.
SOURCE : sinhala.adaderana.lk

