SL Media Hub

SL Media Hub - Header

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට ඔඩපණ ණය යෝජනාක්‍රමයක්

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දැනුම් දී තිබේ.

ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති ය. අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.
 
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට 7%ක වාර්ෂික පොළී අනුපාතයකට රු.මි. 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කල යුතු වේ.

 මෙම ණය යෝජනාක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන ඇත.

•    ලංකා බැංකුව
•    මහජන බැංකුව
•    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 
•    හැටන් නැෂනල් බැංකුව
•    සෙලාන් බැංකුව
•    සම්පත් බැංකුව
•    කොමර්ෂල් බැංකුව
•    ඩී.එෆ්.සී.සී බැංකුව
•    ජාතික සංවර්ධන බැංකුව
•    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
•    සණස සංවර්ධන බැංකුව.
•    අමානා බැංකුව 
•    කාගීල්ස් බැංකුව
•    පෑන් එෂියා බැංකුව
•    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

මෙම ණය යෝජනාක්‍රමය යටතේ බැංකු හරහා 2025/26 මහ කන්නය සඳහා නිදහස් කිරීමට අපේක්ෂා කරන මුළු ණය ප්‍රමාණය රු.මි. 10,000ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top