SL Media Hub

SL Media Hub - Header

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්ට ඇප

සිංහරාජ රක්ෂිතයේ ගෝනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා නියෝග කළේය.

මෙම නඩුව යළි සලකා බැලීම සඳහා මාර්තු 26 වැනිදා කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (06) කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top