ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සමානව 30%කට ආසන්න පිරිසක් විවිධ මානසික ගැටලු වලට මුහුණ දෙන බව වැඩිහිටි මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි.
වයස අවුරුදු 60ට ඉහළ පුද්ගලයන් අතර මෙම ගැටලු වේගයෙන් වැඩි වෙමින් පවතින අතර, සමාජ දැනුවත්භාවය අඩු වීම හේතුවෙන් බොහෝ රෝග ලක්ෂණ නොසලකා හැරෙන බව ඇය සඳහන් කළාය.
විශේෂයෙන් තනිකම හා හුදකලාව ලෝක මට්ටමින්ම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර, දරුවන් විදේශ ගත වීමත් සමඟ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් වැඩි වශයෙන් මේ තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.
SOURCE : sinhala.adaderana.lk

