2025 වසරේ සිදුවූ රථ වාහන අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 2024 ට වඩා 322කින් ඉහළගොස් ඇති බව සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
ඒ මහතා පවසා සිටියේ ඉකුත් 2024 වසරේ දී මාරක රිය අනතුරු 2,287ක් සිදුව ඇති බවත්, ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 2,388ක්
කෙසේ නමුත් පසුගිය 2025 වසරේ දී සිදුවූ මාරක රිය අනතුරු ගණන 2,562ක් දක්වා ඉහළගොස් ඇති බවත්, ඒ හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 2,710ක් දක්වා වැඩිවී ඇත.
මේ අතර රථවාහන නීති උල්ලංඝනය කිරීම් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබෙන ‘E-Traffic’ යෙදුවුමට මෙම වසරේ දී නව ක්‍රමවේද එක්කර ඇති බවත් ඔහු පැවසීය.
ඒ අනුව යම් පුද්ගලයෙකු නීති විරෝධීව වාහන පදවන්නේ නම් ඒ පිළිබඳ පදිකයෙකුට, මගියෙකුට, රියදුරෙකුට මෙම ‘E-Traffic’යෙදුවුම මගින් කඩිනමින් පොලිස් මූලස්ථානය දැනුම්වත් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

