නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබේ.
ඒ අනුව 2026 වසර තුළ දී පාසල් පැවැත්වෙන වේලාව දැනට ක්‍රියාත්මක වන පරිදි ම පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

