SL Media Hub

SL Media Hub - Header

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සගයෙක් පොලීසියට කොටුවෙයි

ගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී  හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (31) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු වන බවට හා මොහු විසින් එම ජාවාරම්කරුගේ ජාවාරම් වලින් උපයන මුදල් සම්බන්ධව කටයුතු කරන අයෙකු බවටද අනාවරණය වී ඇත.

සැකකරු අද (01) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top