SL Media Hub

SL Media Hub - Header

ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි.

අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබේ. ඒ හේතුවෙන් ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වනතෙක් තහවුරු වී නොමැත.

කෙසේ නමුත් ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම් සහිතව සිටින බවටත් තහවුරු කර ඇත. එම ප්‍රදේශයේ රෝහල්හි දැඩි සත්කාර ඒකක පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඇති බව වාර්තා වේ.

මෙම ගින්න අලුයම 1:30ට පමණ හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට එරට පොලීසිය සැකපළ කරයි.

ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබේ.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top