SL Media Hub

SL Media Hub - Header

ප්ලාස්ටික් වතුර බෝතලේ ඉන්න මාරයා හඳුනා ගන්නේ කෙසේද?

ප්ලාස්ටික් වතුර බෝතල් කියන්නේ ලෝකයේ බහුලවම භාවිත කරන භාණ්ඩයක්.

මිනිස්සු වතුර බෝතලයක් මිලදී ගනිද්දී බලන්නේ බෝතලයේ ධාරිතාවය, වර්ණය, හැඩය වගේ දේවල් වුණාට ඔය ඔක්කොටම වඩා බලන්න ඕනේ දෙයක් තියෙනවා.

ඒ තමයි බෝතලය හදලා තියෙන ප්ලාස්ටික් වර්ගය.

ඒ ගැන දන්නවා නම් ඇදුම සිට පිළිකා දක්වා රෝග ගොඩක් හැදෙන එකෙන් බේරෙන්න පුළුවන් වෙයි.

එහෙනම් අපි බලමු කවුද මේ ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුලේ ඉන්න මාරයා කියලා.

ලෝකයේ භාවිත කරන ප්ලාස්ටික් වර්ග 7 ක් තියෙනවා. ඒ තමයි,

1 – Polyethylene Terephthalate (PET / PETE)
2 – High-Density Polyethylene (HDPE / PE-HD)
3 – Polyvinyl Chloride (PVC / V)
4 – Low Density Polyethylene (LDPE / PE-L D)
5 – Polypropylene (PP)
6 – Polystyrene (PS)
7 – Other (Other / O)

1 – Polyethylene Terephthalate (PET / PETE)

මේක තමයි ලෝකයේ එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන (disposable) වතුර බෝතල් බහුලවම හදන ප්ලාස්ටික් වර්ගය.

මෙම ප්ලාස්ටික් වර්ගය සුදුසු වන්නේ සිසිල් තත්වයේ පවතින ද්‍රවයන්වලටයි.

ඉහළ උෂ්ණත්ව වලට මෙම ප්ලාස්ටික් වර්ගය ඔරොත්තු දෙන්නේ නැහැ.

මෙම වර්ගය පළමු භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය සඳහා ඉවත දැමිය යුතුය.

2 – High-Density Polyethylene (HDPE / PE-HD)

ලෝකයේ තිබෙන බහුකාර්යම ප්ලාස්ටික් වර්ගය ලෙස තමයි මෙය හඳුනා ගෙන තියෙන්නේ.

මෙම වර්ගය පාරදෘශ්‍යභාවයෙන් තොරයි.

යම් බලයක් යෙදුණොත් ඉතා ඉක්මනින් කෑලි කැඩෙන්න පුළුවන්.

නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කල හැකි ප්ලාස්ටික් වර්ගයකි.

මෙය වතුර සහ වතුර අඩංගු ආහාර වර්ග දීර්ඝ කාලයක් ගබඩා කරන්න සුදුසු නැති ප්ලාස්ටික් වර්ගයක්.

ඉහළ උෂ්ණත්ව වලට මෙම ප්ලාස්ටික් වර්ගය ඔරොත්තු දෙන්නේ නැහැ.

3 – Polyvinyl Chloride (PVC / V)

මෙය ඉතා හොඳ දෘඩ ප්ලාස්ටික් වර්ගයක්.

මෙම වර්ගය ජෛව හායනය කළ හැකි හෝ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වර්ගයක් නම් නෙමෙයි.

ඒ නිසා අන්තරායකර අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබනවා.

ඉහල උෂ්ණත්ව වලදී අන්තරායකර ද්‍රව්‍ය සැදීමේ ඉඩකඩක් පවා තියෙනවා.

ලෝකයේ මෙම ප්ලාස්ටික් වර්ගය බහුලව භාවිත වෙන්නේ ජල නල, ජල කරාම සහ ඒ ආශ්‍රිත උපාංග නිෂ්පාදනයටයි.

4 – Low Density Polyethylene (LDPE / PE-L D)

මෙම වර්ගය සැහැල්ලු, පාරදෘශ්‍ය ප්ලාස්ටික් වර්ගයක්.

රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතිකියා නොකරන නිසා තනුක අම්ල වර්ග, මධ්‍යසාර, ලවණ වර්ග ගබඩා කිරීමට භාවිත කරනවා.

මෙය ඉතා හොඳ නම්‍යශීලී ප්ලාස්ටික් වර්ගයක් වෙනවා.

අපි එදිනෙදා බහුල වශයෙන් භාවිත කරන පොලිතීන් බෑග් හදන්නෙත් මේ ප්ලාස්ටික් වර්ගයෙන්.

ඉහල උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉතාම පහළ මට්ටමක තමයි තියෙන්නේ.

5 – Polypropylene (PP)

ලෝකයේ වතුර බෝතල් නිෂ්පාදනයට යොදාගන්න හොඳම ප්ලාස්ටික් වර්ගය තමයි මේ.

සෙල්සියස් අංශක -18 සිට 100 දක්වා උෂ්ණත්ව වලට ඉතා හොඳින් ඔරොත්තු දෙන නිසා සීතල සහ රස්නේ වතුර ඕනේ එකක් මේ ප්ලාස්ටික් බෝතල්වල දාන්න පුළුවන්.

ශරීරයට අහිතකර වන කිසිදු විෂ රසායනිකයක් මෙහි අඩංගු නොවීම විශේෂ ලක්ෂණයක්.

මෙම ප්ලාස්ටික් වර්ගය සෑහෙන්න වතාවක් ප්‍රතිචක්‍රීකරණය කරන්නත් පුළුවන්.

ආහාර සහ ජලය ඇතුළු පානයන් වර්ග ගබඩා කිරීමට සුදුසුම ප්ලාස්ටික් වර්ගය ලෙස FDA අනුමැතිය තියෙන එකම ප්ලාස්ටික් වර්ගයත් මෙය පමණයි.

6 – Polystyrene (PS)

“ස්ටයිරෆෝම්” ලෙස ප්‍රචලිත ප්ලාස්ටික් වර්ගයක් තමයි මේ.

නිෂ්පාදන වියදම අඩු වුණත්, අහිතකර විෂ ද්‍රව්‍ය නිපදවෙන නිසා මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය නම් ඉතාම අවදානම්.

ප්‍රතිචක්‍රීකරණය ඉතාම අපහසු ප්ලාස්ටික් වර්ගයකි.

මෙම ප්ලාස්ටික් වර්ගය දහනයේදී හරිතාගාර වායු නිපදවෙනවා.

7 – Other (Other / O)

Polycarbonate, LEXAN සහ BPA (Bisphenol A) අඩංගු ප්ලාස්ටික් වර්ග අන්තර්ගත වෙන්නේ මෙම කාණ්ඩයේයි.

විෂ සංඝටක නිපදවීමේ ඉතා ඉහළ හැකියාවක් තියෙන නිසා මෙම ප්ලාස්ටික් වර්ග භාවිත වෙන්නේ ඉතාම සුළු වශයෙන්.

මෙම වර්ගය නැවත භාවිත කිරීම ඉතා නුසුදුසු බවටයි හඳුනාගෙන තියෙන්නේ.

================================

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top