SL Media Hub

SL Media Hub - Header

2026 දී Phone පාවිච්චියට මෙන්න ප්‍රතිපත්ති මාලාවක්..

2026 දී Phone එක පාවිච්චියට මෙන්න ප්‍රතිපත්ති මාලාවක් 🥰

දුරකථනය භාවිත කරන්න ඔබට විශේෂ ප්‍රතිපත්තියක් තියෙනවා ද? එහෙම තියෙන්න ඕනේ ඇයි? එතකොට ඔබටත් ඔබට කතා කරන අනික් අයටත් එය ප්‍රයෝජනවත් නිසා. ඇත්තටම දුරකථන සංවාදයක් සාර්ථකව, ආචාරධර්මීයව පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති මාලාවක් අත්‍යාවශ්‍යයි. එහෙනම් මේ කාරණා ගැන විවේකීව හිතල බලන්න.

1) දුරකථනයෙන් කාටහරි කතාකරද්දී මුලින්ම සතිමත් වෙන්න. ඒ කියන්නේ හොඳ සිහියෙන් සම්පුර්ණ අවධානයෙන් ඇමතුමේ ඉන්න. අනිත් වැඩ නවත්වන්න.

2) ඇමතුම ගත්තේ ඔබනම් මුලින්ම අනෙත් කෙනාගෙන් අහන්න මේක කතාකරන්න සුදුසු වෙලාවක් ද කියලා. ඉන්න තැන කතා කරන්න පහසුද කියලා. පුළුවන් නම් ඔබට කතාකරන්න අවශ්‍ය කොපමණ වෙලාවක් ද කියලත් කියන්න. උදාහරණයක් විදියට “මට විනාඩි 5 ක කතාකරන්න පුළුවන් ද” කියල අහන්න.

3) ඔබට ලැබුණු ඇමතුමක් නම් බාධා අඩු/නැති තැනකට යන්න. අනිත් කෙනාගෙන් අහන්න ඔබව පැහැදිලිව ඇහෙනවා ද කියලා.

4) ඔබ කතා කරන්නේ අඳුනන්නේ නැති කෙනෙකුටනම් මුලින් ම ඔබව කෙටියෙන් අඳුන්වලා දෙන්න.

5) ඔබ කතා කරන්නේ Speaker on කරලා නම් ඒක මුලින්ම දැනුම් දෙන්න. අනෙත් කෙනාගේ එකඟතාවකින් තොරව Speaker on කරන්න එපා.

6) ඔබට ආපු ඇමතුමකට ඔබ කතා කරන්නේ වෙන වැඩක් කරන ගමන් නම් ඒක අනිත් කෙනාට කියන්න. නැත්නම් අනිත් කෙනාට හිතෙන්න පුළුවන් ඔබ අවධානයෙන් අහගෙන ඉන්නේ නැහැ කියලා. හොඳම දේ තමයි ඔබ කරන දේ නවත්වල සැබෑ අවධානයෙන් ඇමතුමට සම්බන්ධ වෙන එක.

7) කතාව අතරතුර වෙන කෙනෙකුට යමක් කියනවනම් ඒ දේ කරන්න කලින් ඇමතුමේ ඉන්න කෙනාට කියන්න “පොඩ්ඩක් ඉන්න” කියලා. ඒක ආචාරශීලීත්වය.

8) අනිත් කෙනා කතාකරගෙන යන අතරතුරේ ඔබ කතාව මැදට පැනල බාධා කරන්න එපා. අනිත් කෙනා කතාව ඉවරකරනකල් ඉන්න. ඒක තමයි සවන් දීමේ විනය.

9) දුරකථන ඇමතුමේ අනික් පැත්තේ ඉන්න කෙනාට ගරු කරන්න. ඔබට ඇමතුමක් ලැබුණු වෙලාවක හරි, ඔබ ඇමතුමක් දෙන වෙලාවක හරි අනෙක් පැත්තේ ඉන්න කෙනාට වැදගත් විදියට සලකන්න.

10) ඔබට ඇමතුමක් මගහැරිලා තියෙනවනම් (Missed Call) නැවත ඇමතුමක් ගන්න. ටිකක් පමා වුනත් කමක් නැහැ ඔබට අවස්ථාව ලැබුන ගමන් ඒක කරන්න. කෙටි පණිවිඩයක් ලැබිලා තියෙනවනම් ඒකට ප්‍රතිචාර දක්වන්න.

මේ අදහස වටිනවානම් මේක Share කරන්න. ඔයාගේ අදහස comment කරන්න.❤

එකතුවෙන්න අපේ Mind Management Training, Coaching සහ Counselling වැඩසටහන් සමග. කතාකරන්න අපට 0703 550 300.

රුවන් සමරසිංහ.
Mind Management Trainer | Author
Transformative Coach | Counselor
Certified NLP Practitioner
Mindfulness Master

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top