ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය වර්ෂයේ දී වාර්තා කර තිබේ.ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත. මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දීය. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

