SL Media Hub

SL Media Hub - Header

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල ගැන සිදුකළ කමිටු වාර්තාව

6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීමට පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදීය. 

“මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික වගකීමක්. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ගන්න රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය. ඒ නිසා යම් යම් අය තම තමන්ගේ දේශපාලන හා වෙනත් පටු උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරලා කරන විවේචනයන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එහෙම කිසිඳු එකක් නැහැ. මෙතන තියෙන්නේ සාමූහික රජයේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීමක්. ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්තිමය මූලධර්මයන් මත පදනම්ව තමයි ජාතික අධ්‍යාපන ආයතනය, මේ අධයාපන ප්‍රතිසංස්කරණයන් සකස් කරනු ලැබුවේ. ඉතින් අධ්‍යාපන අමාත්‍යාශය මගින් තමයි මේ සියල්ල සිදුකරනු ලැබුවේ. මේ ක්‍රියාත්මක කිරීම අපි කාගෙත් වගකීම වෙලා තියෙනවා. ඉතින් එතනදී ඉතා පැහැදිලිව අපි දැකපු දෙයක් තමයි මේ ක්‍රියාවලියේදී යම් තැනක අඩුවක් සිද්ධ වුණා.

විශේෂයෙන්ම හයවෙනි ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ මොඩියුලයේ දී බරපතල වැරැද්දක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වැරැද්ද ඉතා පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යාංශය දැන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක හඳුනා ගත්තට පස්සේ හඳුනාගත්ත විගසම ගරු අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් මත ලේකම්තුමා මගින් වහාම අභ්‍යන්තර දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කරා. ඒ වාර්තාව දැන් ලැබිලා තියෙනවා. ඒ වාර්තාව මත පදනම්ව ඒ අදාළ වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඉදිරි ක්‍රියා කටයුතු සිද්ධ වෙනවා.

ඒ නිසා මෙය කිසිසේත්ම 6 වෙනි ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක්. ඒ නිසා ඒක ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාශය අනිවාර්යෙන්ම තීරණය කරනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණයන් වඩාත් සාධනීය විදිහට ඉදිරියට ගෙනියන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top