SL Media Hub

SL Media Hub - Header

පෝලන්ත සිහිනය කටුනායකදී විනාශ වෙයි.

පෝලන්තය වෙත යාම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු, කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුනන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක්ද, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද ඇතුළත් වේ

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top