‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනම වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත ඉන්දියානු මහා බෝධි පදනමෙහි මෙරට නියෝජිතයින් විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පිරිනමනු ලැබූහ.

