SL Media Hub

SL Media Hub - Header

නායයෑම් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා රට තුලට ඇතුළුවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති පුරෝකථන අනුව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පහත සඳහන් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම වර්ෂාවෙන් බලපෑම් ඇතිවිය හැකියි.

ඒ අනුව, පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකියැයි හඳුනාගත් ස්ථාන, දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න හා මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඇති විය හැකි නායයෑම් තත්ත්වයන් සලකා, පහත ස්ථානයන්ගෙන් ඉවත් වී සුරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දන්වා ඇත.

මහනුවර දිස්ත්‍රික්කය- මිනිපේ, මැදදුම්බර, පන්විල, දොළුව, දෙල්තොට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.

බදුල්ල දිස්ත්‍රික්කය- කන්දකැටිය, පස්සර, බදුල්ල, ලුණුගල, හපුතලේ, ඇල්ල, බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ, මීගහ කිවුල සහ ඌව 
පරණගම

මාතලේ දිස්ත්‍රික්කය- විල්ගමුව, අඹන්ගඟ කෝරළේ, රත්කොට, නාඋල, උකුවෙල සහ ලග්ගල පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ- වලපනේ, නිලදණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ නුවරඑළිය

පුරෝකථනය කොට ඇති පරිදි වර්ෂාමය තත්ත්වයක් ඇති වී නායයෑම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, එම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට අවශ්‍ය උපදෙස් ලබාදෙන තෙක් ආරක්ෂිත ස්ථානයන්හිම රැදී සිටින මෙන් ද දැනුම් දී ඇත. 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top