SL Media Hub

SL Media Hub - Header

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ. 

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ. 

මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වේ.

එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවා.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top