SL Media Hub

SL Media Hub - Header

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්යය

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇත.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.

SOURCE: sinhala.adaderana.lk , hirunews.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top