මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මෙම නිල ඇඳුම් රෙදි නැව් වාර 5කින් ලැබීමට නියමිතය.
මේ වන විට නැව් වාර 03ක් කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර, එම පාසල් නිල ඇඳුම් නිල වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියට ප්‍රදානය කිරීම මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං (HE Qi Zhcnhong) මැතිතුමා විසින් සිදු කරන ලදි.
මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබන අතර එළැඹෙන 19 දින සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇත.
SOURCE: sinhala.adaderana.lk

