විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට එළැඹෙන පෙබරවාරි 01 වැනි දින සිට පවතින නීති රෙගුලාසී යටතේ ලබා දිය හැකි මාස 6ක දැඩි ධීවර තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මෙම තීරණාත්මක පියවර ගනු ලැබුවේ නීතිවිරෝධී, වාර්තා ගත නොවූ සහ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම සඳහා ඉලක්ක කර කළ බවය.
මේ තුළින් මෙරට සමුද්‍ර සම්පත්වලට, ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ලවී ඇති තර්ජන අවම කිරීම අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
SOURCE: sinhala.adaderana.lk

