ඉරානයේ පවතින විරෝධතා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 3000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අමෙරිකාව මූලික කරගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් සඳහන් කර ඇත්තේ මියගියවන් අතර විරෝධතාකරුවන් 2,885 දෙනෙකු ද ඇතුළත් බවයි.
මේ අතර, දින අටක් පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාල අවහිරතාව ක්‍රමයෙන් ඉවත් කරමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවට ද තොරතුරු ලැබී ඇත.
එමෙන්ම, ඉරානය පුරා පැවති විරෝධතා ක්‍රියාකාරකම්ද මේ වනවිට අඩු වීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
SOURCE: sinhala.adaderana.lk

