චීනය විසින් ශ්‍රී ලංකාවට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
ඉන්ධන භාවිතයෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, එක් බස් රථයක වටිනාකම අමෙරිකානු ඩොලර් 225,000ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.
මෙම අදහස් ඔහු පළ කළේ (22) මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව මහා නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීය.
SOURCE : sinhala.adaderana.lk

