SL Media Hub

SL Media Hub - Header

මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රා

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයකදී මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අදාළ යාත්‍රා දෙක තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270කට ආසන්න ප්‍රමාණයක් තිබිය හැකි බවට සැක පළ කෙරේ.

මේ වනවිට එම සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බවද වාර්තා වේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top