1975 ජූලි මාසෙ 4 වෙනිදා අමෙරිකාවෙ ලාස් වේගාස් නුවර ප්‍රේක්ෂාගාරයක එල්විස් ප්‍රෙස්ලි ගේ ගීත ප්‍රසංගයක් පැවැත්වුනා නරඹන්නන් විසි දහක් ඉදිරියේ.
හරියටම Sucpicious Mind ගීතය ගැයෙන වෙලාවේ හරියටම ගීතයෙ මැදදි වගේ තමයි , කෑ ගැසිල්ල ඇහුනෙ. 12 ආසන කොටසෙ බීමතින් නැගී සිටි මිනිහෙක් වෙරිමර ගාතෙ මෙහෙම කියනව. “එල්විස් ඔයා මොන පොප් රජෙක් ද? ඔයා නිකං පොහොසත් කොල්ලෙක් විතරයි . අතපය ගස්ස ගස්ස නටන්න දඟලනව විතරයි . “
ගී ගැයුම නතරවුනා. වාදනයත් අතර මග ඇන හිටියා. “ඔයාට බැහැ මිනිහෙක් එක්ක හරියට ගහ ගන්නවත්. ” මිනිහ දැන් එල්විස් ප්‍රෙස්ලි ට තර්ජනත් කරනව ගහ ගන්නත්.”
ආරක්ෂකයො වටවුනා. නමුත් එල්විස් අත ඉහලට ඔසවා ඔවුන් නැවැත්වුවා. ඊලඟ විනාඩි කිහිපය තුල ඔහු කළ දේ ගැටුමක් සංසිඳුවන්නේ කෙසේද පිලිබඳ පාඨමාලා වල දශක ගණනාවක් තිස්සේ උගන්වන උදාහරණයක් වුනා.
එල්විස් තම කටහඬ අවදි කළා. මහා පිරිසක් ඉදිරියේ බීමතින් සිටිය කෙනෙකු නැගූ අපහාසයෙන් ඔහු සැලුනේ නැහැ . කටහඬ තිගැස්මෙන් තොරව හරිම සන්සුන් එකක් වුනා. “ඒ මහත්තය යමක් කියන්න උත්සාහ කරනව. ඔහුට ඒකට අයිතියක් තියෙනවා. ඔහු මේ ප්‍රසංගයට ටිකට් අරන් තියෙනවා . ඔහුගේ මුහුනේ අව්‍යාජ සිනහවකුත් රැඳී තිබුන.
“ඔය මහත්තය කිව්ව දේවල් හරියටම හරි.”
සෙනඟ හිනා වුනා. බීමත් මිනිසා වික්ෂිප්තයි. “මොකක්?”
‘මං කිව්වෙ ඔබ කිව්ව දේ නිවැරැදියි කියල. මම පොහොසත් කෙනෙක් තමයි. ඒවගේම මට ඔබ කිව්ව වගේ ෆයිට් කරන්නත් බැහැ. එහෙම ෆයිට් එකක් වුනොත් ඔබ මගේ පස්සට පයින් ගහල එලවාවි.’
ප්‍රේක්ෂකස්ගාරයම මහ හඬින් හිනා වෙන්න ගත්ත.
“ඔයා මට වෛර කරනව. ඒත් මට දැන ගන්න පුලුවන්ද ඇයි එහෙනම් ටිකට් එකක් අරගෙන මගේ ප්‍රසංගය බලන්න ආවෙ ඇයි කියල. “
මිනිසා මඳක් පැකිලුනා. එල්විස් දිගටම කතා කරන්න වුනා. “ඔබ මට වෛර කළත් ඒකට හේතුව දැන ගන්න එක මට වැදගත් .අනිත් එක ඔබ මෙහෙ ආව. ඒකෙ මොකක් හරි අර්ථයක් තියෙනව නෙ. හොඳයි මම යෝජනාවක් කරන්නද? අපි දෙන්න එක්ක සංදර්ශනයක් තියමු. එන්න එන්න, අපි පිරිමි දෙන්නෙක් වගේ මේ ප්‍රශ්නය බේර ගමු.”
නරඹන්නෝ මුවවල් අයා ගත්ත. බීමත්ව සිටි මිනිසා ගේ නිර්භීත කම ඒ වචන වලින් අවදි වුනා. “ඒ කියන්නෙ, ඔහේට මගෙත් එක්ක ගහ ගන්න ඕනිද? ඔහු වෙරි මතින් වැටෙන්නම ගියා. හරි මම ලෑස්තියි .”
“අපෝ නැහැ . එල්විස්ගෙ සිනහව තවත් පුලුල් වුනා. පිරිසත් කොක් හඬලා සිනාසෙන්න වුනා. “මට ඕනි ඔයත් එක්ක සින්දුවක් කියන්න.’
අභියෝගය භාර ගැනුනා. ” ඔයා කියනවනෙ , මම නිකං බොරුවට පෙන්නවනව විතරයි . ඒවයෙ කිසිම ගතයුතු දෙයක් නැහැ කියල. එන්නකො, ඕනැම සින්දුවක් තෝර ගන්න.අපි දෙන්නම ඒ සින්දුව කියමු. එතකොට මේ රැස්වෙලා ඉන්න පිරිස තීන්දු කරයි කවුද අර්ථයක් ඇතුව ගායනා කළේ කියල.”
පිරිස කසුකුසු ගෑව. කලබල වුනා. එල්විස්ගෙ ගායනස් හුඟක් අය නරඹලා තියෙනව .මට සින්දු කියන්න බැහැ .මෙහෙ ඔක්කොටම සින්දු කියන්න පුලුවන් . ඔබට පුලුවන් හය් යෙන් කෑ ගහන්න. එන්න..එන්න බය නැත්නම් එන්න. බය කියන වචනෙන් ෆ්‍රෑන්ක් කියන මේ මිනිසාගෙ ආභිමානයට අභියෝගයක් ආව වගේ පෙනුන. ඔහු සෙනග මැදින් වේදිකාවට ගොඩවුනා.
“ඔයාගෙ නම මොකක්ද සර්?”
“ෆ්‍රෑන්ක් ඩාල්ටන්”
එල්විස් මිනිසා දෙස බලස් හිටිය. මිනිහ බීල්ස් විතරක් නෙවෙයි ඇඳගෙන හිටි බාල ඇඳුම් වලින් පෙනුනෙ බොහොම මුදල් අහේනියකුත් තියෙනව කියල. රළු අත් පා. ඇස් වලින් මහා ගැඹුරු අසන්තෝෂ කමක්. මේ එල්විස් ට වෛර කරපු මිනිසා නෙවෙයි . තමන්ගේ ජීවිතය හෝදා පාලුවට ලක් කර ගත්තු මිනිහෙක්. එල්විස් මිනිහගෙ පෙනුමෙන් ඒවග තේරුම් ගත්ත.
සමස්ත ප්‍රේක්ෂකස්ගාරයේම විහිලුවට ලක්වූ මිනිසා ඇත්තටම උපකාර ලැබිය යුත්තෙක් බව තේරුම් ගත්තා. “මොකක්ද ඔබේ නම සර්.”
ෆ්‍රෑන්ක් ඩාල්ටන්” .
මගේ වේදිකාවට ඔබ සාදරයෙන් පිලිගන්නව. ෆ්‍රෑන්ක් ඔයා මේ හිටගෙන ඉන්න ස්ටේජ් එකේ ෆ්‍රෑන්ක් සිනාටා වගේ මහා සංගීතඥයොත් ගීත ගායනා කරල තියෙනවා . ඉතින් මොකක් ද ඔබට දැනෙන්නෙ?
ෆ්‍රෑන්ක් හතර වටේ ටම දැස් යොමු කළා. විශාල සෙනඟක් ඔහු ඉදිරියේ . විශාල විදුලි ආලෝකයක්. දැන් නම් “ඇත්තටම බයයි.”
“ඔබ දන්නවද මම භයවුනාම කරන දේ? මතක් කර ගන්නව, මේ ඉන්න පිරිස කියන්නෙ ඔබත් මාත් වගේම අය කියල. ඒ අයටත් ප්‍රශ්න තියෙනවා. නරක දවස් උදා වෙලා තියෙනවා. ඉතින් අපි දෙන්න කරන්න යන්නෙ ඒ ගැන අවධානය යොමු කරන්න. අපි දෙමු ඒ ගොල්ලන්ට යමක් මතක හිටින.”
ඉන්පසු ඔහු වාද්‍ය කණ්ඩායම දෙසට හැරුන. පටන් ගමු. Let do you’ve lost that feeling .
ෆ්‍රැන්ක් එල්විස් සෙමෙන් කීව. මේ ගීතය තමන්ට නැතිවූ යමක් ගැන කියැවෙන එකක්. මම හිතනව ඔබට මේක තේරුම් යාවි. ගායනා කරන්න, ඒක ඔයාගෙ හැඟීම් මතුවෙන විදියට. ඔයාගෙ වේදනාව හැඟෙන විදියට .
ෆ්‍රෑන්ක් ඔලුව වැනුව. එල්විස් ඔහුට මයික්‍රපෝනය දුන්න. වාදනය පටන් ගත්ත. එල්විස් ගීතයෙ මුල් පදය කීව. ඊට පස්සෙ අතින් සන් කළා ෆ්‍රෑන්ක් ට ගීතය ට සම්බන්ධ වෙන්න කියල.ඔහුගෙ හඬ රළුයි. එය පුහුණු වූ එකක් නෙවෙයි . විරිතෙන් පිට. වවන අමතකයි.
ඔහු බීල. තැති ගැනිල. නමුත් ඔහු උත්සාහ කළා. එහෙත් ඔහුගෙ හඬ තුලින් වේදනාව මතුවුනා. එල්විස් ඔහුගේ ගීත ගායනය නිවැරැදි නොකොට වාදනය එයට අනුව වෙනස් කළා. ඒවගේම පසුමේ ඉඳගෙන ඔහුගෙ ගායනට උදව් කළා. ඉතින් ඔහුගේ දුර්වල ගායනාව අවමානය ට පත්වන්න නොදෙමින් එයට සහය දී අවමානය , සැමැරුමක් කරන්නට සමත් වුනා. ප්‍රේක්ෂකයන් මුසපත් වුනා. ෆ්‍රෑන්ක්ගේ ගායන හැකියාවෙන් නෙවෙයි ඔහුගේ හඬේ ගැබ්වුනු අව්‍යාජ බවෙන්.
බංකොලොත් බවට පත්වූ මිනිසා සිය වේදනාව ගැයූ ගීතය තුලින් මතු කළා. ගීතය අවසන් වුනාම ප්‍රේක්ෂකස්ගාරයෙන් නැගුනේ තියුණු අත්පොළසන් නාදයක්. ඉන්පසු ඔහු හඬන්නට පටන් ගත්තා. එල්විස් ඔහුගේ කරට අත දැම්මා. “ෆ්‍රෑන්ක් මට තව ප්‍රශ්නයක් අහන්න ද? මොකක්ද ඇත්තටම ඔබට වුනේ? ඇයි ඔබ මෙහෙ ආවෙ මගෙත් එක්ක ගුටිකෙල ගන්න?”
සෙනඟ විසි දහසම තුෂ්නිම්භූත වෙලා වේදිකාව දෙස බලා ඉන්නවා.
“මට මගේ රස්සාව මීට මාස හයකට කලින් නැතිවුනා. හඬ හැඬුම් බර වුනා.
“එතකොට පවුල ලමයි සමග මගෙන් වෙන්වෙලා ගියා. ඉතින් මම එදිනෙදා හමබ වෙන වැඩක් කරල මොටෙල් එකක ජීවත් වෙනව. ඕනෑවට වැඩිය බොන්න පුරුදු වුනා. මම හිතුව ඔබ වගේ හැමදේම තියෙන කෙනෙක් ගෙ ෂෝ එකක් බැලුවම මගේ හිත හරියාවි කියල. නමුත් ඒකෙන් මම කෝප වුනා. කෝප වුනේ ඔබට හැමදේම තියෙන කොට මට මොකුත්ම නැති එක ගැන. මට මං ගැනම කේන්ති ගියා. “සොරි මිස්ටර් ප්‍රෙස්ලි”
ප්‍රේක්ෂකස්ගාරයම නිහඬයි. එල්විස් ගෙ හඬ හරිම තැන්පත් කතා කරන කොට. ඒත් ඒවා හැඟීම් බරයි. ඔබයි මගෙයි අතර වෙනස මොකක්ද දන්නවද ෆ්‍රෑන්ක් ?”
“ඒක තමයි වාසනා ගුණය.මමත් මහන්සි වෙලා වැඩ කළා. ඔබත් මහන්සි වෙලා වැඩ කළා. ඔබ ඔබේ පවුලට ආදරය කළා. ඔබ උත්සාහ කළා. නමුත් ඔබට වාසනාව පිටුපෑව. ඒක ඔබේ වරද නෙවෙයි . ඒ ජීවිත වල තිබෙන ඉරනම .” ඉන්පසු ඔහු පිරිස දෙසට හැරුන
“ඔබලගෙන් කී දෙනෙකුට ජීවිතේ අසාධාරණ කම් සිද්ධ වෙලා තියෙනවද? කොච්චර මහන්සි වෙලා වැඩ කළත් පලක් වුනේ නැති තැන් තිබුනද?
අත් දහසක් විතර උඩට එසැවුනා.
“දැක්කනෙ ෆරෑන්ක් ඔබට විතරක් නෙවෙයි ඔහොම වෙලා තියෙන්නෙ.වෙනස තමයි හුඟක් අයට ඒ ගැන එලිපිට කියන්න තරම ධෛර්‍ය්‍යක් නැතිකම.කවුරු හරි ඉන්නව නම් මහන්සි වෙලා වැඩක් කරන කෙනෙක් තමන්ගේ ව්‍යාපාරයට හොයන ප්‍රසංගෙන් පස්සෙ ෆ්‍රෑන්ක් හම්බ වෙන්න.
ඉන්පසු ඔහු ෆ්‍රෑන්ක් දෙසට හැරුනා. අපි මෙහෙම කරමු. ඔබ ඔබේ බීම නවත්වන්න . ඔබ රස්සාවක් කරන්න කැමති නිසා යථා තත්ත්වයට පත්වෙන කල් ඉන්න තැනකුයි ආහාර පාන වලට මුදලකුයි දෙන්නම්.”
ඔහු සතුටින් හිස සැලුව.ෆ්‍රෑන්ක් ඔබ මට යමක් මතක් කළා. ඒ කියන්නෙ ඕනෑම කේන්තියන පුද්ගලයෙක් කිසියම් වේදනාවකින් පෙලෙනව කියල.
ඉතින් ව්‍යාපාරිකයො හත්දෙනෙක් ම ඉදිරිපත් වුනා, ෆ්‍රෑන්ක් ට රස්සා දෙන්න.
ඔහු යලිත් දියුණු වුනා. තමන්ගේ ම නිවසක් අරගෙන හැරගිය පවුල හා දරුවන් ගෙන්වා ගත්තා. ලාස් වේහාස් නගරයේ තවත් අවුරුදු ගාණකට පස්සෙ අරවගෙම ප්‍රෙස්ලි ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුනා. ෆ්‍රෑන්ක් තම පවුලම සමග ජැන්ඩියට ඇඳගෙන එල්විස් බලන්න ඇවිත් ඉස්සරහ පේලියේම. දෙන්න හඳුන ගත්ත. ඔහු ඇවිත් පරණ මිතුරා යළිත් වැලඳ ගත්ත.
උපුටා ගැනීම:Everyday happiness Post
Upasena Hewage

