අම්බලන්ගොඩ ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වන අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කළ බවට සැක කෙරේ.
සිද්ධියේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය විමර්ශන සිදුකරයි.
SOURCE : sinhala.adaderana.lk

