බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයකදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් රිය අනතුරකට ලක් වී සිසුන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වන්දි ලබාදීමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළේය.
මියගිය සිසුවෙකුගේ පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේදී අනතුරට ලක් වූ බස් රථයේ කාර්මික දෝෂ තිබූ බවත් රියදුරුට වලංගු බලපත්‍රයක් නොතිබූ බවත් සඳහන් කරමින් විශ්වවිද්‍යාල බලධාරීන් වගකිව යුතු බව චෝදනා කර ඇත.
SOURCE : sinhala.adaderana.lk

