මෙරට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට අලෙවි ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තෝරාගත් ස්ථාන කිහිපයක පිහිටි ප්‍රවේශ පත්‍ර කවුන්ටර හරහා මෙම ටිකට්පත් ලබාගත හැකි බව සඳහන් වේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව හෙට සිට විවෘත වන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී පමණක් ඔරුගොඩවත්ත කවුළුව විවෘත කෙරේ.
එමෙන්ම ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණවල පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළු තරග නොපැවැත්වෙන දිනවලදී පමණක් විවෘත කරන බවද දැනුම් දෙයි.
නුවර අභීත ක්‍රීඩාංගණයේ කවුළුවෙන් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී පමණක් ටිකට්පත් අලෙවි කිරීමට නියමිතය.
ප්‍රවේශ පත්‍රවල මිල රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වා වන අතර පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා ඒවා ලබාගත හැක.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග සඳහා එක් පුද්ගලයෙකුට උපරිම ටිකට් පත්‍ර 4ක් පමණක් මිලදී ගත හැකි අතර, ශ්‍රී ලංකාව සහභාගී නොවන තරග සඳහා එක් අයෙකුට උපරිම ටිකට් පත්‍ර 10ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
SOURCE : sinhala.adaderana.lk

