SL Media Hub

SL Media Hub - Header

ලාංකේය සිනමාවේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස “මෝඩ තරිඳු” කිරුළ පැළඳි වගයි– කෝටි 48.52 යි

2025 වසර යනු මෑත කාලීන ලාංකේය සිනමාවේ ආදායම් ඉපයීම අතින් වඩාත් සාර්ථකම වසර බව අවිවාදිතය. ‘දේවි කුසුමාසන’, රාණි’ සහ ‘වාලම්පුරි’ යන චිත්‍රපට ත්‍රිත්වය මිලියන 150 හෙවත් කෝටි 15 වේ ආදායම් කඩයිම ඉක්මවා යාමත්, ‘නෙළුම් කුළුණ’, ‘ක්ලැරන්ස්’ සහ ‘නීරා’ යන චිත්‍රපට ත්‍රිත්වය මිලියන 250 හෙවත් කෝටි 25 හේ ආදායම් කඩයිම ඉක්මවා යාමත්, ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය මිලියන 500 හෙවත් කෝටි 50 හේ ආදායම් කඩයිම ආසන්නයේ ස්ථානගත වීමත් තුළින්, 2025 වසර ආශ්‍රිතව ගොඩනැගුණු පෙරකී සාර්ථකත්වය මනාව පසක් කරවයි. (ඉහත කී චිත්‍රපටවල සියලුම ආදායම් දත්ත, ශ්‍රී ලංකාව තුළ වූ සිනමාශාලාවල පමණක් තිරගත කිරීමෙන් ඉපයූ සහ වැට් බද්ද, විනෝද බද්ද, අධිභාරය අඩු කළ පසු ආදායම වේ). ඒ අනුව නව ලක්ෂ තිස් තුන් දහස් විසි දෙකක (933, 022) ප්‍රේක්ෂක සහභාගීත්වයකින්, රුපියල් හතළිස් අට කෝටි පනස් දෙලක්ෂ හැට හතර දහස් හාරසිය හැට අටයි සත හතළිස් හතක (485, 264, 468. 47) ආදායමක් උපයමින් 2025 වසරේ වැඩිම වාණිජ සාර්ථකත්වට පත් චිත්‍රපටය ලෙසින් තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය පෙරමුණ ගනිද්දී, එකී පෙරමුණ ගැනීම 2025 වසරට පමණක් ලඝු නොවී ‘මෝඩ තරිඳු’ මෙරට සිනමා ඉතිහාසයට එක්වන්නේ (ජාතික චිත්‍රපට සංස්ථාවේ ලේඛනගත දත්ත අනුව) එදා මෙදා තුර දේශීය සිනමාශාලා තුළ තිරගත කිරීමෙන් වැඩිම ආදායමක් ඉපයීමට සමත් වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙසිනි. එලෙස ‘මෝඩ තරිඳු’ හමුවේ බිඳ වැටුනේ 2013 වර්ෂයේදී ප්‍රේක්ෂකයින් විසි හතර ලක්ෂ හැට නව දහස් පන්සිය අනූ දෙකක (2,469,592) සහභාගීත්වයකින්, රුපියල් තිස් හය කෝටි විසි හතර ලක්ෂ හැත්තෑ දහස් එකසිය පහයි සත හැට පහක (362, 470, 105.65) ආදායමක් ඉපයූ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය සතුවූ වාර්තාවයි.

(A) මෝඩ තරිඳු’ බොක්ස් ඔෆිස් වාර්තාව වෙත ළඟා වූ ආකාරය***

පළමු දිනය තුළ (ඔක් 10):

ආදායම ලක්ෂ 28.6| ප්‍රේක්ෂකයින් 4,732

පළමු සති අන්තයේ (ඔක් 10,11,12 | සිකු සෙන, ඉරිදා):

ආදායම කෝටි 1.97| ප්‍රේක්ෂකයින් 33,455

පළමු සතිය තුළ (ඔක් 10- 16 | පළමු දින 07 දී):

ආදායම කෝටි 4.57| ප්‍රේක්ෂකයින් 79,911

පළමු දින 10 තුළ (ඔක් 10- 19):

ආදායම කෝටි 9.07| ප්‍රේක්ෂකයින් 156,744

පළමු සති දෙක තුළ (ඔක් 10- 23| පළමු දින 14 දී):

ආදායම කෝටි 12.95| ප්‍රේක්ෂකයින් 236,107

දින 25 තුළ (ඔක් 10- නොවැ 03):

ආදායම කෝටි 26.89| ප්‍රේක්ෂකයින් 497,005

දින 50 තුළ (ඔක් 10- නොවැ 29):

ආදායම කෝටි 41.62| ප්‍රේක්ෂකයින් 793,558

දින 75 තුළ (ඔක් 10- දෙසැ 25):

ආදායම කෝටි 46.77| ප්‍රේක්ෂකයින් 897,381

දින 100 තුළ (ඔක් 10- ජන 20)

ආදායම කෝටි 48.43| ප්‍රේක්ෂකයින් 930,947

(B) “මෝඩ තරිඳු” ඉදිරියේ සටහන් වූ ඉහළම දෛනික වාර්තා***

එක් දිනක් තුළ නැරඹූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව: 40, 817 (2025 ඔක් 26 ඉරිදා)

එක් දිනක් තුළ ඉපයූ වැඩිම ආදායම: කෝටි 2.25 (2025 ඔක් 26 ඉරිදා)

(C) “මෝඩ තරිඳු” ඒ ඒ ආදායම් කඩයිම් පසුකළ දින ගණන්**

ආදායම කෝටි 05 (මිලියන 50) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 08 යි (ඔක් 10- 17)

ආදායම කෝටි 10 (මිලියන 100) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 11 යි (ඔක් 10- 20)

ආදායම කෝටි 15 (මිලියන 150) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 16 යි (ඔක් 10- 25)

ආදායම කෝටි 20 (මිලියන 200) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 19 යි (ඔක් 10- 28)

ආදායම කෝටි 25 (මිලියන 250) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 24 යි (ඔක් 10- නොවැ 02)

ආදායම කෝටි 30 (මිලියන 300) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 29 යි (ඔක් 10- නොවැ 08)

ආදායම කෝටි 35 (මිලියන 350) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 36 යි (ඔක් 10- නොවැ 15)

ආදායම කෝටි 40 (මිලියන 400) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 44 යි (ඔක් 10- නොවැ 23)

ආදායම කෝටි 45 (මිලියන 450) අත්පත් කර ගැනීමට ගතවූ කාලය: දින 65 යි (ඔක් 10- දෙසැ 15)

“රිත්මා” මණ්ඩලයේ නිළ බෙදාහැරීමක් ලෙස හා ශ්‍රී ලංකාවේ සියලුම සිනමා මණ්ඩල සහයෝගීත්වයෙන් තිරගත කළ “මෝඩ තරිඳු චිත්‍රපටය ආරම්භක දිනයේ තිරගත කළ සිනමාශාලා සංඛ්‍යාව 71 කි. දිනෙන් දිනෙන් දින ගොඩ නැගුණු අසීමිත ප්‍රේක්ෂක වර්ධනය නිසාවෙන් මේ මොහොත වන විට (දින 111 යි) දිස්ත්‍රික්කය 20 ක සිනමා ප්‍රදර්ශන ස්ථාන 92 ක පිහිටි සිනමාශාලා 123 ක ‘මෝඩ තරිඳු’ තිරගතකොට ඇත. ඒ අතුරින් “මෝඩ තරිඳු” අරඹයා ‘වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ’ සහ ‘වැඩිම ආදායමක් උපයා දුන්’ යන වාර්තා ද්විත්වයම තමන් සතුකර ගැනීමට ‘කොළඹ- PVR’ සිනමා සංකීර්ණය සමත්ව ඇත.

වැඩිම ප්‍රේක්ෂක පිරිසක් “මෝඩ තරිඳු” චිත්‍රපටය නැරඹූ සිනමා සංකීර්ණ හෝ ශාලා 15……..
(01). PVR -කොළඹ: 38,649
(02). SAVOY – මහරගම: 31,432
(03). SCOPE- හැව්ලොක් සිටි: 29,743
(04). NIT- කුරුණෑගල: 29,668
(05). SK- මාතර: 26,574
(06). RAM CINEMA – වත්තල: 26,434
(07). MAXX LITE- මොරටුව: 25,415
(08). MILANO – කෑගල්ල: 24,226
(09). NIKADO- කඩවත: 24,127
(10). SCOPE- CCC- කොළඹ: 23,194
(11). VIJAYANTHI LITE- කඩුවෙල: 22,919
(12). AMITY LITE- මහරගම: 22,602
(13). REGAL- අම්බලංගොඩ: 21,557
(14). AQUA LITE- මීගමුව: 21,519
(15). DONS CINEMA- කළුතර: 21,207

‘මෝඩ තරිඳු’ චිත්‍රපටිය වෙනුවෙන් වැඩිම ආදායමක් උපයා දුන් සිනමා සංකීර්ණ හෝ ශාලා 15……..
(01). PVR -කොළඹ: කෝටි 3.96
(02). SCOPE- හැව්ලොක් සිටි: කෝටි 3.11
(03). SCOPE- CCC- කොළඹ: කෝටි 2.38
(04). RAM CINEMA – වත්තල: කෝටි 1.85
(05). REGAL – ගම්පහ: කෝටි 1.54
(06). KCC – මහනුවර: කෝටි 1.42
(07). REGAL- කටුබැද්ද: කෝටි 1.41
(08). NIT- කුරුණෑගල: කෝටි 1.35
(09). LIBERTY SCOPE- කොල්ලුපිටිය: කෝටි 1.32
(10). SAVOY – මහරගම: කෝටි 1.26
(11). MAXX LITE- මොරටුව: කෝටි 1.19
(12). MILANO – කෑගල්ල: කෝටි 1.18
(13). AQUA LITE- මීගමුව: කෝටි 1.03
(14). SK- මාතර: කෝටි 1.00
(15). AMITY LITE- මහරගම: කෝටි 0.99

සටහන හා දත්ත විශ්ලේෂණය
උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi
රේඛීය නිෂ්පාදක- “මෝඩ තරිඳු”

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top