මචං අපි හිතාගෙන ඉන්නේ අපි මාර ටෙක් ලෝකෙක ඉන්නේ කියලා නේද? ඒ වුනාට උඹ දන්නවද, මේ වෙනකොටත් Google එකයි MIT එකයි එකතු වෙලා කම්පියුටර් ලෝකේ අනිත් පැත්ත පෙරලලා ඉවරයි කියලා. 😮🌶
මේ කියන්නේ නිකන් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන නෙමේ බොක්ක. අවුරුදු 70ක් තිස්සේ අපි පාවිච්චි කරපු තාක්ෂණය කුණු කූඩෙට විසි කරන්න පුළුවන් සයිස් එකේ මාරම සොයාගැනීම් දෙකක් ගැන! 👇
- Google ලාගේ “Willow” චිප් එක (අවුරුදු කෝටි ගාණක වැඩේ විනාඩි 5න්!) 🤖
Google Quantum AI එකෙන් එළියට දැම්මා “Willow” කියලා යක්ෂ චිප් එකක්. මේකේ පවර් එක කොච්චරද කිව්වොත් ලෝකේ දැනට තියෙන පට්ටම සුපිරි පරිගණකයකට (Supercomputer) විසඳන්න වසර සැප්ටිලියන 10ක් (10 යි බින්දු 25ක් ) යන ගාණක් මේ චිප් එකෙන් විනාඩි 5න් විසඳලා පෙන්නුවා. නිකන් හිතපන් බං ඒ ස්පීඩ් එක ගැන… පිස්සුවක් නෙහ් 😮
මෙතන තිබ්බ අවුල තමයි මෙච්චර කල් Quantum Computers වල ලොකු කේස් එකක් තිබ්බා. Qubits වැඩි වෙන්න වෙන්න එන errors වැඩි වෙනවා. හරියට නිකන් කටවල් වැඩි වෙන්න වෙන්න බොරු කියන එක වැඩි වෙනවා වගේ වැඩක්. ඉතින් Google ලා මේ Willow චිප් එකෙන් ඔප්පු කරා Qubits වැඩි වෙද්දි errors අඩු වෙන විදියට සිස්ටම් එක හදන්න පුළුවන් කියලා. මේක තමයි අවුරුදු 30ක් තිස්සේ විද්‍යාඥයෝ හෙව්වේ!
🧠 තේරුන් නෑ නෙහ්,,,? මේ උදාහරනෙ ඔලුවට ගනින්
මේක හරියට Online Game එකක් ගහනවා වගේ වැඩක් මචං. 🎮📶
❌ පරන විදිහ : පරණ Quantum Computers වලදි උඹ ගේම් එක ගහන්නේ වෙන රටක තියෙන සර්වර් එකකට කනෙක්ට් වෙලා. ඉතින් සිග්නල් යද්දි පට්ටටම Lag වෙනවා (Ping එක වැඩියි). උඹ වෙඩි තියලා තත්පර ගාණක් ගිහින් තමයි වදින්නේ. මාර වදයක්නේ බං ඒක. 😢
✅ අලුත් ක්‍රමේ: Google ලා Atlantic Quantum කියන MIT කොම්පැනිය අරගෙන මොකද කරේ දන්නවද? අර ඈත තිබ්බ සර්වර් එක උස්සලා කෙලින්ම උඹේ ගෙදරටම ගෙනාවා! (චිප් එක ලඟටම දැම්මා). දැන් Lag වෙන්නෙ නෑ, Ping එක Zero. බටන් එක ඔබපු ගමන් වැඩේ වෙනවා. හිතපන්කෝ ඒකේ ආතල් එක. 😍😬
- සිලිකන් වලට බායි කියමුද? MIT එකේ “මැග්නටික්” වැඩකෑල්ල! 🧲⚡
අවුරුදු 70ක් තිස්සේ අපි ෆෝන්, ලැප්ටොප් හැදුවේ “සිලිකන්” (Silicon) වලින්නේ. හැබැයි සිලිකන් රත් වෙනවා, බැටරි කනවා කියලා උඹ දන්නවනේ. MIT එකේ වැඩ්ඩො සෙට් එකක් (Chung-Tao Chou සහ Ying Liu) හොයාගත්තා අලුත් ජාතියේ ට්‍රාන්සිස්ටර් එකක්. මේක හදලා තියෙන්නේ “Chromium Sulfur Bromide” කියන මැග්නටික් මැටීරියල් එකෙන්.
මොකද්ද බං මේකේ වාසිය? 🤔
1 බැටරි රකිනෝ : සිලිකන් වලට වඩා ගොඩක් අඩු පවර් එකකින් දුවන්න පුළුවන්.
2 Built-in Memory: මේක තමයි පට්ටම කෑල්ල! සාමාන්‍ය කම්පියුටර් වල මෙමරි (RAM) තියෙන්නේ වෙනම,ප්‍රොසෙසර් එක තියෙන්නේ වෙනම. ඉතින් ඩේටා එහා මෙහා ගෙනියන්න කරන්ට් එක පිච්චෙනවා. හැබැයි මේ අලුත් එකේ, මෙමරි එක තියෙන්නේ ප්‍රොසෙසර් එක ඇතුලෙමයි!
🧠 නිකන් බොරු කරන්න එපා.. උඹට තේරුනේ නෑ.. මේ උදාහරනෙ ඔළුවට ගනින්
නිකන් හිතපන් තාප්පයක් බඳින මේසන් බාස් කෙනෙක් ගැන. 🧱🏗️
❌ පරණ ක්‍රමේ : බාස් ඉන්නේ වහලේ (Processor). ගඩොල් තියෙන්නේ මිදුලේ (Memory). එක ගඩොලක් තියන්න බාස්ට ඉනිමග දිගේ පහලට බැහැලා, ආයේ උඩට නගින්න වෙනවා. එපා වෙනවනේ බං? කාලෙත් කනවා, මහන්සියත් වැඩියි .😓🪜
✅ අලුත් ක්‍රමේ: දැන් බාස් වහලෙට නගිද්දිම ගඩොල් ටිකත් (Memory) එයාගේ ලඟටම එනවා! බිමට බහින්න ඕන නෑ, එක දිගට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. පට්ට ස්පීඩ්, කිසිම මහන්සියක් නෑ! ගැම්මක් නේද? 😎⚡
- ඉතින් අපිට පාන්ද? 🤔😵💫
උඹ හිතනවා ඇති “අපිට මොකද බං ඕවයින්, අපිට ෆේස්බුක් යන්න තිබ්බම ඇතිනේ” කියලා. නෑ යකෝ මේක සිරා කේස් එකක්. 🙃
📛AI: අපි පාවිච්චි කරන AI ටූල්ස් වලට කරන්ට් යනවා වැඩියි. මේ තාක්ෂණය ආවම AI දුවන්න යන වියදම බාගෙකින් අඩු වෙනව යකෝ. 😎
📛 Health: අර කලින් කිව්ව සැප්ටිලියන ගාණක ගණන් විනාඩි 5න් හදන නිසා අලුත් බෙහෙත් හොයාගන්න යන කාලය අවුරුදු ගාණකින් අඩු වෙනවා. ලෙඩ වලට බෙහෙත් ඉක්මනටම එනවා කියන එකයි ඒ කියන්නේ. 😍
2026 කියන්නේ නිකන්ම අවුරුද්දක් නෙමේ බං ටෙක් ලෝකේ ‘ගේම් චේන්ජර්’ එකක් . සිලිකන් යට කරගෙන Quantum සහ Magnetic තාක්ෂණය රජ කරන කාලේ වැඩි ඈතක නෙමෙයි! ලෑස්ති වෙලා හිටපන්! 🔥
(Source: Google Quantum AI & MIT Research Papers 2025-2026)

