SL Media Hub

SL Media Hub - Header

බදාම හයි වූ පසුව සැටලිම් අමතක නොකෙරූ මිනිස්සු..

අශුතෝෂ් ගෝවාරිකර්, මකරන්ද් දේශ්පාන්ඩේ සහ ෂාරුක් ඛාන් ඉතා තරුණ වයසක සිටින මේ පොටෝ එක ක්ලික් වෙලා තියෙන්නේ 1989 අවුරුද්දේ ඔවුන් එකට රඟපාපු “සර්කස්” කියන ඩ්‍රාමා එකේ ෂූටින් අතරතුරයි..

මේ තුන්දෙනාම ඩ්‍රාමා ස්කූල් අවුට් වෙලා තමා ඇක්ටින් වලට එන්නේ ඒත් මේ තුන්දෙනාගේ අනාගතය විසදෙන්නේ තුන් ආකාරයකට..

ඔය ඉස්සරහම ඉන්න රැවුල තියෙන හාදයා තමා මකරන්ද් දේශ්පාන්ඩේ. මකරන්ද් පසුකාලීනව ජනප්‍රිය වෙන්නේ ටිකක් විලන් චරිත සහ සහාය චරිත වලින්. ඒ වගේම ඔහු ඉන්දියාවේ හැම භාෂාවකම වගේ ෆිල්ම් වල රඟපාලා තියෙනවා.

පිටිපස්සේ අතක් උස්සන් ඉන්නේ අශුතෝෂ් ගෝවාරිකර් . ආශුතෝශ් කියන්නේ ඉන්දියාවේ සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂනය කරපු සුපිරි ඩිරෙක්ටර් කෙනෙක්..

මැද ඉන්න හාදයා ගැන මම අමුතුවෙන් කියන්න ඕන වෙන්නෑනේ.

කොහොම නමුත් මේ තුන්දෙනාම අදටත් හොඳ යාළුවෝ.. ඒ නිසා ගොඩක් වෙලාවර මේ තුන්දෙනා අදටත් එකට වැඩ කරන එක නවතා දමා නැහැ.. ඒ වගේම ආශුතෝශ්ගේ ෂාරුක් අපූරු චරිතයක් රඟපෑ Swades චිත්‍රපටියේදී ඔයාලට අනිවාර්යයෙන් මකරන්ද් දේශ්පාන්ඩේ හිටියා මතක ඇති.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top