SL Media Hub

SL Media Hub - Header

ඛේදවාචයක් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගෙන තිබේ.

නිලාවේලි වෙරළ තීරයේ අද (04) පස්වරුවේ දිය නාමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු හදිසි දියවැළකට හසුව ගසාගෙන යාමට ලක්ව තිබූ අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් සියලුදෙනා සුරක්ෂිතව බේරාගෙන ඇත.

බේරාගත් පිරිසට මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් අතරින් දෙදෙනෙකු 1990 සුවසැරිය සේවාව මඟින් නිලාවේලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙම අනතුරට මුහුණ දුන් පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් සඳහා පැමිණි සංචාරක කණ්ඩායමක් වන අතර, ඔවුන් සමඟ තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණද පැමිණ සිටි බව සඳහන් වේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top