ඊශ්‍රායලය විසින් සිදු කළ නව ප්‍රහාර මාලාවකින් ගාසා තීරය තුළ තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරවලින් එක් සොල්දාදුවෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
ගාසා නගරය සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදු වූ පහරදීම්වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකුද සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම තුවාලකරුවන්ට උපකාර කිරීමට ගිය වෛද්‍යවරයෙකු ද මරණයට පත්ව ඇති බව සඳහන්ය.
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල පවසන්නේ නැගෙනහිර ප්‍රදේශ කිහිපයක කූඩාරම් හා නිවාසවලට එල්ල වූ ප්‍රහාරවලින් ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබී ඇති බවයි.
SOURCE : sinhala.adaderana.lk

