SL Media Hub

SL Media Hub - Header

සර්වඥ ධාතූන්වහන්සේ ගංගාරාම විහාරස්ථානයට වැඩම කෙරේ.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ අද (04) පස්වරු 1ට ඉන්දියාවෙන් විශේෂ ගුවන් යානයකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත වැඩම කරවනු ලැබීය.

මෙම ධාතූන්වහන්සේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේ සිදුකළ කැණීම්වලදී 1960 දශකයේ සොයාගන්නා ලද බව සඳහන් වන අතර, මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොතිබූ දුර්ලභ ශාරීරික ධාතූන් වහන්සේ ලෙසද හැඳින්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා ප්‍රතිඵලයක් ලෙස මෙම ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමට හැකිවූ බව ද වාර්තා වේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top