සිංහරාජ රක්ෂිතයේ ගෝනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා නියෝග කළේය.
මෙම නඩුව යළි සලකා බැලීම සඳහා මාර්තු 26 වැනිදා කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (06) කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
SOURCE : SINHALA.ADADERANA.LK

